Saturday, November 12, 2011

උතුරුමැද පළාතේ ඇතුලාන්තය සහ එක්වෙමු ලංකා දායකත්වය

දින 36 ක් පුරා ශ්‍රිලංකාවේ ගම බිම් ,නගර සිසාරා සැරිසරන එක්වෙමු ලංකා සහෝදරත්වයේ  සංචාරයේ 29 වන දිනය නිමවන විට බස්නාහිර,සබරගමුව,මධ්‍යම,දකුණ,ඌව,සහ නැගෙනහිර  පළාත්වල සිසුන්ට  එක්වෙමු ලංකා සමග සහයෝගිතාවය සදගනිමින් දිගු ගමනක් යන්නට මංපෙත් විවර කර හමාරය.
ශ්‍රීලංකාව තුල නැවත ප්‍රතිසංවිධානයක් සදහා පියනගන එක්වෙමු ලංකා මාතාවට සිංහල,දමිල,මුස්ලිම් භේදයක් නොමැත. ඇත්තේ  සියලු දෙනාට එක හා සමානව ඇතිකරනු  ලබන සහෝදරත්වයි.අප මේ යන සංචාරය තුල අපහට විවිධ ආගම් ,ජාතීන් සහ ඔවුන්ගේ සංස්කෘතික පසුබිම් පිළිබදව අවබෝධයක් ලබාගත හැකි  විය.ඒ වගේම දිස්ත්‍රික්ක පළාත් පසුකරමින් යනවිට එම පාසල් වල අධ්‍යාපනික පසුබිම් සංවර්ධනය වූ සහ සංවර්ධනය නොවූ දක්ෂතා වලින් පිරිපුන් නමුත් අවශ්‍ය මූලික පහසුකම් නොමෙති පාසල් මුනගසුනේය.  
එම පාසල් අතරින් අපගේ වඩාත්ම අවධානයට ලක්වූ පළාත වන්නේ උතුරුමැද පළාතය. මෙහිවොඕ බොහෝ පාසල් ඇත්තේ ඇති දුෂ්කර තත්ත්වයේය. එම පාසල්වල සිසුන් සමහරෙක් පාවහන් පලදී  අතර තවත් සමහරෙක් සපත්තු  පෙලදුවේය. ඒ අතර සමහරෙක් සිය පින්ම පාසැල වෙත පැමිණියහ. ඒ අතර තවත් සිසුන්ගේ සිසුන්ගේ සහ සපත්තු  සහ පාවහන් පෙලදීමට නුසුදුසු තත්වයේ ඒවා විය.මෙවන් දුෂ්කරතා මද විදුහල්පතිතුමා ඇතුළු  ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් එක්ව මෙම දරුවන්ට  අධ්‍යාපනය ලබා දෙන්නට  දරන වැයම දකින ඕනෙම කෙනෙකුට නෙතට කදුලක් එක වේ. 
එවන් පාසල් කර එක්වෙමු ලංකා අප ගමන් කිරීම ඔවුන්ට මහත් ශක්තියක් මෙන්ම ඔවුන්ගේ කටයුතු සදහා ධෛර්යක් විය.
2011/11/04 දින අප ගිරිතලේගම විද්‍යාලය පොලොන්නරුව සහ බදිවෙව පසලවෙත ගමන් කල අතර සවස ගිරිතලේගම විද්‍යාලයේ පෙවෙත්වුනු වැඩමුළුවට එම ප්‍රදේශයේ අනෙක් පාසල් ද පැමිණ සිටියේය. එහිදී ඔවුන්ගේ නායකත්ව කුසලතාවයන් සහ අනෙකුත් දක්ෂතා ඔප්නන්වන්නට අවස්ථාවක් විය. 
2011/11/08 අනුරාධපුර වෙත ගමන් කල අපට එය ඉතා විශේෂ දිනයක් විය. එදින අප ගමන් කලේ මුරුන්ගහිටිකන්ද විද්‍යාලයටය  මෙතෙක් නගරාසන්න පාසල් කර ගිය අප මෙම පාසලට ප්‍රධාන මාර්ගයේ සිට ඉතා දුෂ්කර මාර්ගයක ගම්මානයක් තුලට ගමන් කළේය.සෙබවින්ම දුෂ්කර පාසලක් වූ මෙම පාසලට පියනගන අපව හදපිරි සතුටින් ලෙන්ගතු සිනහවකින් යුතුව පිළිගනු ලැබිය . කෙතරම් දුෂ්කර වුවත් මෙම පාසැල එක්වෙමු ලංකා සමග අත්වැල් බෙදාගෙන සිටින්නේ දැනට තෙවසරකට පෙර පවත්වනු ලැබූ ප්‍රථම අනාගත නයකින්ගේ සමුළුවත් සමගය. ඔවුන් දෙනාටමත් එක්වෙමු ලංකා සමග දිගු ගමනක් යන්නට අවශ්‍ය අඩිතාලම දමාගෙන හමාරය.ඔවුන්ට අවශ්‍ය වන්නේ දිරිමත් කිරීම පමණි. එම පාසලේ විදුහල්පතිතුමා එතුලු සියලු දෙන අපව ගෞරවනීය ලෙස පිළිගනු ලැබූ අතර අපට බෙලිමල් වතර,කුරහන් පිට්ටු අදින් සංග්‍රහ කරන්නටද විය. උසස්පෙළ අධ්‍යාපනයක් නොතිබුණු මෙම පාසලේ සාමාන්‍යපෙළ දක්වා ඉතා ක්‍රමවත්ව අධ්‍යාපන ක්‍රමවේදයක් සකසමින් නිසි නායකත්වයක් ඇතුව ඉදිරියට ගමන් කරන අතර එක්වුමු ලංකා අපගේ දායකත්වය ඒ සදහා ඔවුනට විශේෂ ශක්තියක් වූ බව එම පාසලේ විදුහල්පතිතුමා අප සමග පෙවසුවේය.
මෙසේ එක්වෙමු ලංකා අපගේ වැඩසටහන් වලට සහභාගිවෙමින් ඔවුන්ගේ ගමනට අපව ශක්තියක් කරගනිමින් කටයුතු කිරීම අපගේ ඉදිරි ගමනටද නිසේකවම ශක්තියක් වනු නොඅනුමානය.

No comments:

Post a Comment