Friday, October 28, 2011

එක්වෙමු ලංකා පාසල් අතර සහයෝගිතා සංචාරයේ දෙවෙනි අදියර

එක්වෙමු ලංකා සංවිදානය මගින් ලංකාවේ පාසල් 75 ක් කරා සහයෝගිතාවය එතිකරමින් ගමන් කරන මෙම ගමනේ දෙවන අදියර  2011/10/24 දින දකුණු පළාත මුලිකකරගනිමින් ආරම්භ කරන ලදී.එම දිනයේ ප්‍රථමයෙන් අප සංවිදානයේ ක්‍රියාශීලි පාසලක් වන ගාල්ල සංගමිත්තා බාලිකා පාසැල වෙත ගමන් කරන ලදී. එහිදී ඔවුන් අප සංවිදානය සමග එක්ව දැනට  සිදුකර එති වෙඩසටහන් පිළිබදව ඔවුන් දිරිමත් කරන ලදී.ඉන්පසු පිලිවෙලින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ සෙක්‍රඩ් හාර්ට්  පාසැල වෙත ගමන් කල අප එම පාසල් වල එක්වෙමු ලංකා සංවිදානයේ සාමාජික සිසු සිසුවියන් විසින් ඉමහත් ලෙන්ගතුව පිළිගනු ලැබීය.එදින සවස එම පාසලේ කෙටි එක්වෙමු ලංකා වැඩමුළුවක්  පෙවෙත්වූ අතර එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ අවට පාසල් කිහිපයක්ද සමග එක්ව අප සංවිදානයේ වෙඩසටහන් පිළිබදව ප්‍රයෝගික ක්‍රියාකාරකම් තුලින් අවබෝද කරවන්නට විය.


2011/10/25 දින අප මාතර දිස්ත්‍රික්කයට පැමිණි අතර ශාන්ත තෝමස් විද්‍යාලය,සුජාත බාලිකා විද්‍යාලය,රාහුල විද්‍යාලය එතුලු තවත් පාසල් කීපයක් එක්ව ශාන්ත තෝමස් විද්‍යාලයේ එක්වෙමු ලංකා වැඩමුළුවක් පවත් වනු ලැබීය . එහිදී සිදුවූ විශේෂ සිදුවීමනම් දකුණේ සිංහල බෞද්ධ පාසලක ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු  සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි දමිල මුස්ලිම්,සිංහල සිසුන් එකම වේදිකාවක නැගිසිටින්නට විය.ඊට අමතරව එම උතුරු නැගෙනහිර පළාත්වලින් පැමිණි සිසුන් හට මෙම  දකුණේ පාසල් කරා යන ගමන ඔවුන්ගේ ජීවිතයේ කවදාවත් ලැබිය නොහැකි අද්දැකීම් ලබාගන්නට එය කදිම අවස්ථාවක් වුනු අතර පසුදින අප කණ්ඩායම වෙහෙරහේන රජමහ විහාරය,දෙවුන්දර තුඩුව,පොල්හේන මුහුදු තීරය,වැනි දකුණු පළාතේ විශේෂ වැදගත් කමක් ඇති ස්ථාන වලට සංචාරය කරන්නට විය.මෙම ගමනට එක්වුණු අපගේ දමිල,මුස්ලිම් මිතුරන් හට ඔවුන් කවදාවත් නොදුටු ස්ථාන කරා ගමන් කරන්නට හැකිවිය.එය ඔවුන්ට විශේෂ අද්දැකීමක් විය.
2011/10/27 දින අප එක්වෙමු ලංකා කණ්ඩායම තංගල්ල ථෙරපුත්ත විද්‍යාලය,තංගල්ල බාලිකා,තංගල්ල පිරිමි විද්‍යාලය,තංගල්ල මාධ්‍ය මහා විද්‍යාලය,යන පාසල් වල එක්වෙමු ලංකා සිසුන්ගේ හමුවීම් සාර්ථකව සිදුවුණු අතර ඔවුන්ගේ පාසල් වල සිසු සිසුවියන් දැනුවත් කරන්නට විය.පසුදින තංගල්ල බාලිකා පාසලෙහි පවෙත්වුනු වැඩමුළුව  සදහා වීරකැටිය මාධ්‍ය මහා විද්‍යාලය,තංගල්ල ථෙරපුත්ත විද්‍යාලය,තංගල්ල බාලිකා,තංගල්ල පිරිමි විද්‍යාලය,තංගල්ල මාධ්‍ය මහා විද්‍යාලය යන පාසල් සහභාගී වුනු අතර  ඔවුන් තුල තිබුණු මහත් උද්යෝගය නිසාම එම වැඩමුළුව එතමත් සාර්ථකව සිදුවිය.එම බාලිකා පාසලෙන් අප සංවිදානය වෙත දැක්වූ ලෙන්ගතුකම නිසාම ඔවුන්ගේ එම කදවුර අප සිදුකරන්නට යෙදුනු වැඩමුළු අතරින් සාර්ථක වැඩමුළුවක් බවට පත් විය.






Tuesday, October 18, 2011

එක්වෙමු ලංකා පාසල් අතර සහයෝගිතා සංචාරයේ පලවෙනි අදියර





එක්වෙමු ලංකා සංවිදානය මගින් ශ්‍රී ලංකාවේ පාසල් අතර සහයෝගිතාවය වර්දනය කිරීම හා ජාතින් එකමුතු කිරීම යන සංකල්පය පදනම් කරගනිමින් රට පුරා සංචාරය  2011.10.03 දිනදී  ආරම්ඹ කරන ලදී .ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුල පාසල් 75 කර යන මෙම වේදසටහනේ මුල් පියවර තෙබුවේ කොළඹ වෙස්ලි විදුහලෙනි.පිලිවෙලින් කොළඹ අවට පිහිටි එලිසබත් මොර්ය පාසල,රාජකීය විද්‍යාලය,ශා.ආනා ,වත්තල ,හින්දු  විද්‍යාලය,මෙතෝදිස් විද්‍යාලය,බැසලික විද්‍යාලය රාගම, යන එක්වෙමු ලංකා සංවිදාන සහිත කොළඹ ප්‍රදාන පෙලේ පාසල් වල පෙවෙත්වුනු වෙඩසටහන් වලින් එම පාසල් සිසුන් හට .ශ්‍රී ලංකාව තුල සිටින සිංහල ,දමිල,මුස්ලිම් එතුලු සියලු ජාතීන් සමග සාමය සහ සහජීවනය එතිකරගනිමින් එකමුතුව කටයුතු කරන්නේ කෙසේද කියා ,සිදුකරන්නට යෙදුනු ප්‍රයෝගික ක්‍රියාකාරකම් තුලින්ද මනාවට අවබෝද කරන්නට විය .
2011.10.09 දින එක්වෙමු ලංකා කණ්ඩායම මහනුවර පාසල් කර යන අරමුණින් කොළඹින් පිටත් විය .එදින මහනුවර හින්දු සංස්කෘතික මද්යස්ථානයේ නෙවතුනු අප කණ්ඩායම , පසුදින ත්‍රිත්ව විද්‍යාලය ,රෝයල් ජාත්‍යන්තර පාසැල,හිල් වූඩ් විද්‍යාලය,වනි පාසල් වල  ගමන් කරන්නට විය. පසුදින හින්දු සංස්කෘතික මද්යස්ථානයේ පෙවෙත්වුනු වෙඩසටහන සදහා මහනුවර පාසල් වලින් ළමයි 150 අසන්න ප්‍රමාණයක් සම්බන්ද   වුනු අතර .ඔවුන් සදහා අප සංවිදානය මගින් සිදුකරනු ලබු ක්‍රියාකාරකම් තුලින් සියලු දෙන එකමුතු වීමේ එති වේදගත්කම අවබෝද කර ඒ සදහා තාරුණ්‍ය නායකත්වය කෙසේ ගමන් කලයුතුද යන්න අවබෝද කරන්නට විය. පසුදින නුවරඑලිය ශා,සේවියස් ,බිකොන් හිල් එකඩමි, යන වියලා වලට අප ගමන් කළේය.එහිදීද අපගේ වෙඩසටහන් එලෙසම ක්‍රියාත්මක කරවීය.
2011.10.13 දින කෑගල්ල  දිස්තික්කයට පැමිණි අප ,,කගලු බාලිකා,ඩඩ්ලි සේනානායක විද්‍යාලය, කගලු විද්‍යාලය ,යන පාසල් වලට ගමන් කළේය .පසුදින කෑගලු බාලිකා විද්‍යාලයේ පෙවෙත් වුනු වේදමුලුව සදහා එම ප්‍රදේශයේ පාසල් වල තරුණ නායකින් 200 පමණ සහබාගි විය...එම වෙඩසටහන අවසාන ව්හ්ත්ම අප සංවිදානය පාසල් කර යන මේ ගමනේ පළමු පියවර සාර්ථකව නිම වන්නට විය .