Monday, November 7, 2011

එක්වෙමු ලංකා අප නැගෙනහිර පළාත දුටු අයුරු

එක්වෙමු ලංකා රටපුරා යන ගමනේ ඌව පළාත නිමකරමින් පැමිණියේ නෙගෙනහිර පළාතටය .ශ්‍රී ලංකාව පුරා යන මේ ගමනේදී විවිධ ජාතීන් අපහට හමුවන්නට විය. අප 2011/11/02 දින අක්කරපත්තු මුස්ලිම් විද්‍යාලය, බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය, සහිරා විදුහල කල්මුනේ  වැනි පාසල් වලට ගමන් ඇරඹීය.  එහිදි අපට බහුලව දැකිය හැකි දර්ශනයක් වුයේ මුස්ලිම් ජනයක් බහුතර වශෙන් එම ප්‍රදේශ වල එදිනෙදා කටයුතු කරගන යන ආකාරයේ දකුණෙන් උතුරෙන් බස්නාහිර පළාත්වලින් පැමිණි අප මිතුරන්ට ඒ විශේෂ අද්දැකීමක් විය. එදින සවස කල්මුනේ  සහිරා විදුහල තුල පැවැත්වූ වැඩමුළුව තුලින් ඔවුන්ගේ ජීවිතයට වැදගත් අද්දැකීමක් වූ අතරම අපහටද විශේෂ අද්දැකීමක් විය. ඔවුන්ගේ සංස්කෘතික පසුබිම සහ  දෛනික ක්‍රියාකාරකම් පිලිබන්දුව ප්‍රයෝහිකව අවබෝධ  කරගන්නට  හැකිවිය. 

2011/11/03 දින අප සංචාරය කලේ මඩකලපුව ප්‍රදේශයේ පාසල්වලටය එදින අප නැවතී සිටි සර්වෝදය ස්ටානයෙහි සිට අප පිරිස කණ්ඩායම් දෙකකට බෙදී පසල්කරා ගමන්කළේය. එරුවිල් කන්නහි මහා විද්‍යාලය, අල්හිරා මුස්ලිම් විද්‍යාලය, කාතන්කුඩි යන එක්වෙමු ශ්‍රී ලංකා සංවිදානය සහිත පාසල්වලට ගමන් කල අප සවස සර්වොදයෙහි විශේෂ වැඩමුළුවක් පැවැත්විය. ඒ සඳහා එම ප්‍රදේශයේ දමිල මුස්ලිම් පාසල් කිහිපයක් සහභාගී  විය. ඒය ඉතා සාර්ථක පැවැත්වූ අතර පැමිණි දමිල මුස්ලිම් සහෝදරයින් ඉතා උද්යෝහයෙන් එයට  සහභාගී විය.

2011/11/7 දින නැගෙනහිර පළාත තුල අප විශේෂ දිස්ත්‍රිකයට පැමිණියේය. එය ත්‍රිකුනාමලයි . එහි වූ විශේෂත්වය  වන්නේ සිංහල දමිල මුස්ලිම් යන ජාතින් තුනේම ජනය සම සමව වාසය කිරීමයි. එහිදි අපට ලැබුණු කෙටි නිවාඩු තුලින් අප පිරිස විඩාව නිවාගත්තේ නිලාවේලි මුහුදු, තීරය මාබල් මුහුදු  තීරය වැනි සුන්දර ස්ථාන වල  කාලය ගතකරමින්ය. මෙහිති අප සංවිදානය මගින් ක්‍රියාත්මක කරන්න නායකකත්වය පුහුණු වැඩමුළුව සඳහා සහභාගී වී සිටි පාසල වුයේ වෙන්තසපුර්ම් මහා විද්‍යාලයයි. උදෑසන එම පාසල විත ගමන් කල අපව උත්සවත්ශ්‍රීයෙන් පිළිගන්නට විය. එදින පාසල් නිවාඩු දිනයක් වුවද අප සංවිදානය කෙරෙහි තිබුණු උනන්තුව නිසාම එම පාසලේ විදුහල්පතිතුමාගේ මැදිහත්වීමයෙන් තවත් පාසල් තුනක් එක්කර විශේෂ වැඩමුළුවක් පැවැත්විය. එම ප්‍රදේශ වල සිසුන් හට මෙවැනි වැඩමුළු පිළිබඳව බහුල අද්දක්කීම් නොතිබුණද අපගේ වැඩමුළුව සඳහා මහත් උද්යෝහයෙන් සහභාගිවිය. එමනිසා නැගෙන හිර පළාත තුලද අපගේ වැඩසටහන් සාර්ථක සිදු විය.

No comments:

Post a Comment