Friday, November 4, 2011

එක්වෙමු ලංකා ඌව පළාත තුල සිදුකල වැඩසටහන්

එක්වෙමුලංකා පාසල් කර යන ගමනේ දෙවන අදියර දකුණු පළාතෙන් ආරම්භ කල අප එය සාර්ථකව නිමකිරීමෙන් පසුව 2011/10/31 දින ඌව පළාතට ගමන් ඇරඹීය.එදින ඌව මහා විද්‍යාලයේ එක්වෙමු ලංකා සිසුන් හමුවූ අප බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් සිංහල ,දමිල පාසල් එක්වෙමු ලංකා වැඩසටහන්  පිලිබදව දෙනුවත් කරන්නට විය.එහිදී එක්වෙමුලංකා වැඩසටහන් පිලිබදව අනෙකුත් පාසල්ද ඉමහත් උනන්දුවකින් සිටින බවට තහවුරු විය.එදින සවස එක්වෙමුලංකා අපට ඉතා විශේෂ අවස්ථාවක් උදාවිය. එනම් අප බදුල්ල මෙතෝදිස්ත ළමා නේවාසිකාගාරයේ සිසුන්ට විශේෂ එක්වෙමුලංකා වැඩසටහනක් පැවෙත්විය.එය ඔවුන්ට ඔවුන්ගේ ජ්විතයේ වැදගත් අවස්ථාවක් විය. 
2011/11/01 දින අප ගමන් කලේ මොණරාගල රාජකීය විද්‍යාලයටය.එහිදී එක්වෙමුලංකා අප කණ්ඩායම මහත් උත්සවශ්‍රීයෙන් පිළිගන්නට විය. එම විද්‍යාලය තුල එදින විශේෂ දවසක් වූ අයුරු අපට වැටහුනේ එහි විදුහල්පතිතුමා,ගුරුවරුන්,ශිෂ්‍ය නායකයන් එතුලු සියලුම දෙන අප වැඩසටහනට උනන්දුවකින් දායකවී සිටි නිසාය.එදින සවස එම විද්‍යාලයේ පෙවෙත්වුනු වේදමුලුවට අවට පාසල්ද සහභාගී වෙමින් ඉතා සාර්ථකව සිදුකරන්නට විය.එදින සවස අප අම්පාර බල ගමන් ඇරඹුවේ හදපිරි සතුටිනි.ඌව පලට තුලාප වෙඩසටහන් සාර්ථකව සිදුවූ නිසා අපට දිගු ගමනක් යන්නට තිබුනත් ගමන් විඩාව පවා නොදෙනෙන්නට විය. 

No comments:

Post a Comment