Sunday, December 4, 2011

එක්වෙමුලංකා සපැමිණි උතුරු පළාත


එක්වෙමු ලංකා දින 36 ක්  පුර යන මෙම ගමනේ අසිරිමත් 29 වන දිනය උදාවිය.මේවනවිට අප බස්නාහිර,සබරගමු,දකුණ,ඌව,නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් වල සාර්ථකත්වයක් ලබමින් උතුරු පළාත වෙත ප තැබිය.වව්නිය,යාපනය,කිලිනොච්චිය,මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක එක්වෙමුලංකා අප පිළිගැනීමට  මගබලමින් සිටියේය.
මෙම පළාත තුල අප ප්‍රථමයෙන් ගමන් කලේ වව්නියාව දිස්ත්‍රික්කයටය.ඉන්පසු පිලිවෙලින් මුලතිව්,කිලිනොච්චිය,යාපනය සහ මන්නාරම වෙත අප ගමන් කළේය. මෙම ගමනේදී අප පෙර අසා තිබුණු නමුත් කිසිදිනක නොදුටු දසුන් දැකගත  හැකිවිය.දශක 3 කට පසු යලි පිබිදෙමින් සිටින මෙම ප්‍රදේශයට එක්වෙමුලංකා පැමිණීම ආශ්වාදයක් වුවා නිසැකය.මෙම ගමන ම ඇතුළු මගේ අනෙක් මිතුරන්ට මහත් අද්දැකීමක් විය.මන්ද සිංහල ජාතින් නියෝජනය කරන අප මෙහි පැමිණි මුල්ම අවස්ථාව විය.දමිල භාෂාව අපහට කතාකරන්නට නොහැකිවුවත් අපට මෙම යන ගමනේදී අපගේ දමිල මිතුරන් සමග එකතුව යම්තාක්දුරට දමිල භාෂාව කතාකරන්නට පුරුදු විය.ඒ අතරම අප මෙම ප්‍රදේශවල සංචාරයේදී ඔවුන්ගේ විවිධ සංස්කෘතික පසුබිම්,ආගමික පසුබිම ආදී දේවල් ප්‍රයෝගිකව අත්විදින්නට ලැබීම එක්වෙමුලංකා අප ලැබූ භාග්‍යක් ලෙස මා දකිමි.
වව්නියාව දමිල මහා විද්‍යාලය,මුලතිව් මහා විද්‍යාලය,කුදුප්පුක්කුලම් මහා විද්‍යාලය,විද්‍යනන්දන් මහා විද්‍යාලය,මුලතිව් වට්ටප්පාලි මහා විද්‍යාලය,යාපනය චුන්ඩිකුලි බාලිකා පාසැල,යාපනය ශාන්ත ජෝන් පාසැල, ශාන්ත පැට්‍රික් විද්‍යාලය,ශාන්ත සේවියස් පාසැල මන්නාරම,අඩම්පන් මහා විද්‍යාලය,සිත්තිවිනාකර් හින්දු විද්‍යාලය,ශාන්ත එන විද්‍යාලය මන්නාරම,නනටන් විද්‍යාලය මන්නාරම යන පාසල් කරා එක්වෙමුලංකා අප උතුරු ප්‍රදේශය තුල ගමන්කරන්නට විය.එහිදී අපගේ ජිවිතයේ ප්‍රථම වතාවට අපගේ දමිල සහෝදර සහෝදරියන්ව දමිල භාෂාවෙන් අමතන්නට විය.එය මගේ මෙන්ම අප සියලුදෙනාගේම ජිවිතයේ අප ලේබු භාග්‍යක් වගේම එසේ අප කතාකිරීම තුලින් දමිල සහෝදර සහෝදරියන් තුල මහත් ප්‍රීතියක් මෙන්ම අප පිලිබදව සැබෑ මිතුදමක් අතිකිරිගනිමට මුලික පියවරක් වුවා නිසැකය.අප එසේ ලබාගත් අද්දැකීම වචනයෙන් කියා නිමකරන්නට බැරිතරම් අපමණය.මන්ද ඔවුන් සමග එක්ව කටයුතු කරනවිට දමිල භාෂාව කතාකිරීමට නොහැකිවුවද යම්යම් දේවල් අපට තේරුම්ගත හැකිවිය.ඒ තුලින් සිංහල සහ දමිල මිතුරන් අතර මන අන්තර් සම්බන්ධතාවයක් මනාවට ගොඩනැංවිය.
එක්වෙමුලංකා අපගේ ගමනේ 31,32,33 සහ 34 යන දිනයන් ගතවන්නේ යාපනය දිස්ත්‍රික්කය තුලය. මෙහිදී ලංකාව තුල සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අප සමග පැමිණි  මිතුරන්,ඒ වගේම සියලු ආගම් ජාතින් නියෝජනය කරමින් සිටි සහෝදර සහෝදරියන් ලංකාවේ සියලු පළාත් වල අනාගත නායකින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රිලංකාවේ උතුරු ප්‍රදේශයේ ප්‍රධාන නගරය යපය දිස්ත්‍රික්කය  තුලදී එක්වෙමුලංකා සමහ අත්වැල් බැදගනිමින් ශ්‍රීලංකාව තුල සැබෑ ප්‍රතිසංවිධානයක් සදහා තාරුණ්‍ය නායකත්වය අනාගතයට ලබාදෙන්නේය යන පණිවිඩය රටටම ලබාදුන් දිනකිපයක් බවට එය පත්විය.
දකුණේදී අප දෙවුන්දරතුඩුව සේම අප උතුරේදී පේදුරුතුඩුව වෙත ගමන් කලේ එදා මේද තුර ලංකා ඉතිහාසයේ නොමැකෙන සංදිස්ථානයක් පසුකරමින් උතුර දකුණ තුල සැබෑ මිතුදමක් ඇතිකරමින්ය.ඒ වගේම අපගේ ගමන තුල තවත් සිවිශේෂී සිදුවීමක් මෙහිදී සිදුවිය.අප ගමන් කල අනෙක් පාසල් වලින් මිතුදමේ සංකේතයක් ලෙස අපහට හදවතින්ම ලබාදුන් පොත්පත් අප යාපනය මහජන පුස්තකාලය වෙත බාරදුන්නේ අප සියලුදෙනාගේ එකමුතුභාවය ශක්තිමත් ලෙස සංකේතවත් කරමින්ය.එක්වෙමුලංකා අප අනෙක් ප්‍රදේශ වලදී විශේෂ ස්ථාන කරා ගමන්කලා සේම අපගේ උතුරු සංචාරයේදී අප පේදුරුතුඩුව,කසුරින මුහුදු තිරය වැනි සුන්දර ස්ථාන වලට ගමන් කළේය. ඒ වගේම යාපනය වෙත පැමිණෙන සමකෙනෙක්ම අමතක නොකරන ආශ්වාදජනක අද්දැකීමක් වන රියෝ අයිස් ක්‍රීම් රසවිදීමට අප අමතක නොකළේය.
රැයක් පහන් කරමින් අප ගමනේ 35 වන දිනය උදාවිය.මේවනවිට අප සියලුදෙනා ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට සිදුකරන ලද තවත් එක් විශේෂ වැදගත් වැඩසටහනක උරුමකරුවන් වී හමාරය. එහිදී අපහට ලැබුණු අද්දැකීම් නිසා අපගේ අවසන් දින කිහිපය නොනිද පහන්කිරීමට තරම් අප අත්මතෘප්තියක් ලබා සිටියහ.මෙසේ අපගේ උතුරු ප්‍රදේශයේ සංචාරය මන්නාරම තුලින් අවසන් වන්නේ.2012 එක්වෙමුලංකා 4 වන අනාගත නයකින්ගේ සමුළුව උතුරු පළාත මුලිකකරගනිමින් සිදුකිරීමේ මුලික අදහස සිතේ පෙරදැරිකරගෙනය. 

No comments:

Post a Comment