Sunday, December 4, 2011

එක්වෙමු ලංකා දින 36 ක අවසන් හොරා කිහිපය.


දින 36 ක් පුර ගම් නියම්ගම් පසුකරමින් ශ්‍රිලංකාවේ සියලු දිස්ත්‍රික්ක කර ගමන් කල එක්වෙමුලංකා අපගේ අවසාන දිස්ත්‍රික්කය වන පුත්තලම දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ 36 වන දිනයේ ඇරඹුමත් සමගය.
එක්වෙමුලංකා අප වයබ පළාත වෙත මෙසේ පැමිණෙන්නේ දවස් 36 ක් පුරා අප ලංකාව පුරා සංචාරය කරමින් ලබාගත් අද්දැකීම් සහ පන්නරය තුලින් ඔපවත්වූ අනාගත නයකින් ලෙස මහත් අභිමානයෙන්ය.පුත්තලම නගරයට පැමිණි අප එක්වෙමුලංකා කණ්ඩායම පිළිගනු ලැබුවේ පුත්තලම සහිරා විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුළු සිසු පිරිස විසින්ය.ඉතා අලංකාරවූ පෙරහරකින් අපව පාසැල තුලට කැදවාගෙන යනු ලැබුවේ බාලදක්ෂ සොයුරන්ගේ උපහාර මධ්යේය.එදින දවස පුරා එම විද්‍යාලය තුල කාලය ගතකරමින් අපගේ මුස්ලිම් සොයුරු සොයුරියන් සමග එක්වෙමුලංකා අවසන් වැඩමුළුවද සාර්ථකව නිමකරන්නට විය.ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම තුලින් එම වැඩමුළුව සාර්ථකව සිදුවිය.
එපමණක් නොව දවස් 36 ක් පුරා අප ලබාගත් අද්දැකීම් අපගේ අවසන් වැඩමුළුව ඉතා සාර්ථකව සිදුවීමට විශේෂ හේතුවක් විය.එදින සවස අප සියලු කටයුතු  නිමකරමින් පැමිණියේ "අපේකදැල්ල" වෙතය.හිදී අපට අවශ්‍ය සියලු නවාතැන් පහසුකම් ලැබුණු අතර එක්වෙමු ලංකා අපහට මහත් සතුටුදායක දිනයක් මෙන්ම අපගේ නෙතට කදුලක් එක්විය.මන්ද දවස් 36 ක් පුරාවට අප එකම මවකගේ දරුවන් ලෙස කිසිදු භේදයකින් තොරව එකිනෙකාගේ දුක සේප බෙදාගනිමින් ගතකරන අවසන් හොරා කිහිපය බවට පත්වූ නිසාය.
නමුත් අප දෙන ශ්‍රීලංකාව තුල එක්වෙමුලංකා තුලින් නායකත්වය පිලිබදව නිවැරදි ලෙස අකුරු කෙරූ යහපත් සමාජයක් ගොඩනැංවීමට අවශ්‍ය ශක්තිය,එකමුතුභාවය සහ ජාතින් අතර සාමුහිකත්වය වර්ධනය කරගත් එය ඉදිරියටත් පවත්වාගෙනයාමට තමාගේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිහිමියෙන් කැපවන්නට බිහිවූ අනාගත නායකින් පිරිසක් යන හැගීම අප සියලුදෙනාගේ සිත්තුල ජනිතවනවිට අපගේ නෙතට නැගුනු කදුලට ආශ්වාදයක් ගෙනදුන්නේය.
අප සියලුදෙනා එදින නොනිදම පහන්කළේය.මන්ද පසුද්නට උදාවුයේ අපගේ එක්වෙමුලංකා සංවිදානයේ සභාපතිතුමන් වන අපගේ දයාබර ප්‍රශාන් අයියාගේ ජන්ම දිනයයි. වෙනද මෙන් නොව එම දිනය ඔහුට මෙන්ම අපටත් විශේෂ දිනයක් බවට පත්විය.මන්ද ඔහුගේ ජීවිතයේ ප්‍රථම වතාවට අපවෙනි යොවුන් පිරිසක් සමග පවත්වන්නට යෙදුනු උපන්දිනය අප සියලුදෙනාට අමතක නොවන සිදුවීමක් බවට පත්විය.
එදින ඔහුගේ උපන්දින ප්‍රියසාදය සදහා "අපේ කැදැල්ල" තුල සිටි අපේම පුංචි මිතුරන් එකතුවීම තවත් විශේෂත්වයක් විය.ඔවුන්ගේ දස්කම්,රැගුම් පාන්නට අපේ කැදැල්ල සැබෑවටම ඔවුනට තෝතැන්නක් බවට පත්වුයේ ,මව්සෙනෙහස  අහිමිවූ ඔවුන්ග්ව් ළමා ලෝකයේ සුන්දර බව විදින්නට ලැබුණු සැබෑ සෙනෙහස නිසාමය. 
ඉතින් එදා මෙදා තුර එක්වෙමුලංකා පැමිණි ගමන දෙස ආපසු හැරී බලනවිට අප අද දිනය තුල නිමකරන්නට යෙදුනු රටපුර පවත්වනු ලැබූ එම වැඩසටහන එක්වෙමුලංකා තුල තවත් විශෙඅහ පරිච්චේදයක් බවට පත්වේ.ඒවගේම රටපුර යමින් විවිධ සංස්කෘතික පසුබිම් තුල ලබාගත් අද්දැකීම් තුලින් එක්වෙමුලංකා තවත් පෝෂණය වෙමින් ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම මෙය තුලින් ලැබුණු බවට අප වැඩසටහන්වල සාර්ථකත්වය තුලින් පෙනීයයි.

No comments:

Post a Comment